Friday, May 24, 2024
HomeLocalනිරෝධායන නීති කැඩූ අය ඩ්‍රෝන කැමරාවේ

නිරෝධායන නීති කැඩූ අය ඩ්‍රෝන කැමරාවේ

පසුගිය දිනවල නිරෝධායන නීති උල්ලංගනය කල පුද්ගලයින් සොයා විවිධ පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක වුවා. මෙහෙදී බොහෝ පිරිස් අත්අඩංගුවට පත්කෙරුණා . මේ අතර ඊයේ දිනයේ සිට ශ්‍රී ලංකා පොලිසිය මගින් විශේෂ මෙහෙයුමක් කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල මහල් නිවාස ආශ්‍රිතව සිදුකෙරුණා. ඒ ද්‍රෝන කැමරා යොදාගනිමින්. මෙහිදී නීති උල්ලංගණය කල සිව්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් දැඩි ලෙස නිරෝධායන රීති උල්ලංඝනය කළ බව ඩ්‍රෝන කැමරා මෙහෙයුමේදී නිරීක්ෂණය වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ. මෙහිදී තවත් පුද්ගලයින් 27 දෙනෙකුට අවවාද කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

- Advertisment -

Most Popular

Recent Comments