Sunday, May 19, 2024
HomeInternationalඊශ්‍රායලයෙන් චීනයට දොස් පවරයි

ඊශ්‍රායලයෙන් චීනයට දොස් පවරයි

ඊශ්‍රායලය හා ගාසා තිරය සමග පැවති යුද ගැටුම් වලින් බොහෝ ජනජීවිත අඩාලවූ අතර බොහෝ පිරිස් තම ජිවිත වලින් පවා වන්දි ගෙවීමට සිදුවුවා. මේ පිළිබදව වාර්තා කිරීමේදී චීන රාජ්‍ය මාධ්‍ය යුදෙව් විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවට ඊශ්‍රායලය චෝදනා නගා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් චීනයේ බෙයිජිංහි පිහිටි ඊශ්‍රායල තානාපති කාර්යාලය සදහන් කර ඇත්තේ මෙහිදී ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කිරීම මෙන්ම හමාස් සංවිධානය රොකට් ප්‍රහාර එල්ල කිරීමද සිදුවූ බවයි. ඒ පිළිබද වාර්තා කිරීමෙන් ඔබ්බට ගිය ඇතැම් චීන රාජ්‍ය මාධ්‍ය , ඇමරිකාව මෙහිදී අනුගමනය කළ පිලිවෙතට හේතුව යුදෙව් බලපෑම් බවට වාර්තා කළේ යැයි ඊශ්‍රායලය චෝදනා කරයි. මෙය යුදෙව් විරෝධය ඇවිස්සීමක් බවත් රටක රාජ්‍ය මාධ්‍යයට නුසුදුසු ක්‍රියාවක් බවත් බෙයිජිංහි ඊශ්‍රායල තානාපති කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. කෙසේවෙතත්,චීනය මෙතෙක් ඊශ්‍රායලයේ මේ ප්‍රකාශය පිලිබද කිසිදු නිල ප්‍රතිචාරයක් දක්වා නොමැත. ඊශ්‍රායල පලස්තීන ගැටුමේදී චීනය දිගින් දිගටම සටන් විරාමයක් වෙනුවෙන් පෙනී සිටි අතර ඒ පිලිබද වන සාකච්ඡා සදහා මැදිහත්කරැවෙකුවීමේ කැමැත්තද ප්‍රකාශ කර තිබිණ. මෙම තත්වය නිසා නැවත ගැටුම්කාරී තත්වයක් ඇතිවේ යැයි බොහෝ දෙනාතුල සැකයක් පවතී.

- Advertisment -

Most Popular

Recent Comments