මේ වන විට රටේ පවතින තත්වය සැළකිල්ලට ගනිමින් ජනතාවගේ විරෝධය ආණ්ඩුව වෙත ප්‍රකාශ කිරීම සදහා වන දැවැන්ත උද්ගෝෂණයක් සමගි ජන බලවේගය විසින් සංවිධානය කර තිබේ.කෙසේ වෙතත් මෙම උද්ඝෝෂණය පැවැත්වීම වළක්වන්නැයි ඉල්ලා පොලීසිය ඊයේ අධිකරණයට ගියද අධිකරණ 6 ක් විසින් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර තවත් අධිකරණ 5 ක් එම ඉල්ලීම් පිළිගනු ලැබ තිබේ.
එවැනි පසුබිමක් මත සැලසුම් කළ පරිදි සිය උද්ඝෝෂණය අද දිනයේ කොළඹදී පවත්වන බව සමගි ජනබලවේගය මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කරන ලදී. එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සාමකාමී අන්දමින් උද්ඝෝෂණය සිදුකරන බවයි.
අහස උසට ඉහළ යන බඩුමිල,ගොවියන්ගේ පොහොර ගැටලුව හා පාසල් දරුවන් මුහුණපාන ගැටළු,රටේ සම්පත් අත්තනෝමතිකව විකුණා දැමීම වැනි තවත් කරුණු රැසක් පදනම් කර ගනිමින් මෙම උද්ගෝෂණය ක්‍රියාත්මක කරන බවද රංජිත් මද්දුම බණ්ඩාර මහතා වැඩි දුරටත් සදහන් කරන ලදී.
කෙසේවෙතත් ආණ්ඩුව නියෝජනය කරමින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පැවසුවේ උද්ඝෝෂණ හරහා රට තුළ යළි කොවිඩ් අවදානමක් මතුවිය හැකි බවයි.