Sunday, May 19, 2024
HomeInternationalඇෆ්ගන් හමුදාව පළායයි නගර රැසක බලය තලෙයිබාන් සංවිධානයට

ඇෆ්ගන් හමුදාව පළායයි නගර රැසක බලය තලෙයිබාන් සංවිධානයට

තලෙයිබාන් සංවිධානය හා ඇෆ්ගන් හමුදාව අතර ප්‍රදේශ රැසක දරුණු ගැටුම් පවතින බව වාර්තා වෙයි, පවතින ගැටුම් හමුවේ හමුදාව පළායාම හේතුවෙන් තලෙයිබාන් සංවිධානය නගරයෙන් නගරය සිය බලය තහවුරු කර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.ඒ හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන නගර රැසක බලය තලෙයිබාන් සංවිධානය යටතට පත්වී ඇත.

උපායමාර්ගික වශයෙන් වැදගත් ගස්නි නගරයේ බලය තලෙයිබාන් සංවිධානය සියතට ගෙන ඇති අතර ඒ හමුවේ කාබුල් අගනුවර ආරක්ෂාව අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

තලෙයිබාන් සංවිධානයේ පාලනයෙන් මිදී පළා එන ඇෆ්ගන් වැසියන් දහස් ගණ මේවනවිට සරණාගතයින් ලෙස රැඳී සිටින්නේ කාබුල් අගනුවරය. එම සරණාගතයින් අතර දරුවන් රැසක් ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය..

ඇෆ්ගනිස්තානය මෙලෙස තලෙයිබාන් පාලනයට නතු වෙමින් ඇත්තේ අමෙරිකානු හමුදාව එරටින් ඉවත්වීමත් සමගයි.

හේරාට් හා කන්දහාර් යන ප්‍රධාන නගර ද මේවනවිට පවතින්නේ තලෙයිබාන් පාලනය යටතේය.

- Advertisment -

Most Popular

Recent Comments