Friday, May 24, 2024
HomeLocalවිශ්ව බුද්ධ යළි රිමාන්ඩ්

විශ්ව බුද්ධ යළි රිමාන්ඩ්

“විශ්ව බුද්ධ” නමින් පෙනී සිටිමින් බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රොෂාන් රණසිංහ නැමැත්තා සම්බන්ධයෙන් වන නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (29) යළි කැඳවනු ලැබීය.

එහිදි ශ්‍රී ලංකා රාමඤඤා නිකාය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේ, සැකකරුගේ උපසම්පදාව මේ වන විට අහෝසිකර ඇති බැවින් ඔහු තවදුරටත් හිමිනමක් ලෙස නොසලකන ලෙසය.

මෙහිදි මෙම නඩුවට අදාළව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරුගේ ඇප අවලංගු නොකළ අතර නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට අදාළව පෙබරවාරි 02 දක්වා ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කළේය.

- Advertisment -

Most Popular

Recent Comments