Monday, May 20, 2024
HomeInternationalඕමාන් එයාර් කොළඹට ඒම නතර කරයි

ඕමාන් එයාර් කොළඹට ඒම නතර කරයි

ඕමාන් එයාර් ගුවන් සේවය සිය ගුවන් ජාලයේ උපායමාර්ගික වෙනස්කම් කිහිපයක් සිදුකර ඇති බව නිවේදනය කර සිටී. සමාගමේ සමස්ත මූල්‍ය කාර්ය සාධනය වැඩිදියුණු කිරීම සහ වඩාත් තරඟකාරී වෙළඳපොලක් තුළ සිය ස්ථානය ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් මෙම පියවර ගෙන ඇති බව ඕමාන් එයාර් සඳහන් කර සිටී.

ඒ අනුව ඕමාන් එයාර් ගුවන් සේවය මෙතෙක් ඉස්ලාමාබාද්, ලාහෝර්, කොළඹ සහ චිතගොං වෙත සිදුකළ සිය මෙහෙයුම් අවලංගු කිරීමට පියවර ගෙන තිබේ. මේ අතර නව ගුවන් ගමනාන්තයක් ලෙසින් සියල්කොට් එකතු කර ඇති අතර ලක්නව් සහ තිරුවානන්තපුරම් වෙත ගුවන්වාර වැඩි කර ඇත.

මීට අමතරව ගමනාන්ත තුනක් වෙත ක්‍රියාත්මක මෙහෙයුම් සෘතුමය පදනම මත ක්‍රියාත්මක කිරීමට ගුවන් සේවය තීරණය කර තිබේ. ඒ අනුව ගිම්හානයේ දී Trabzon සහ ශිශිරයේ දී Zurich සහ Malé වෙත ගුවන්ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

- Advertisment -

Most Popular

Recent Comments