Friday, May 24, 2024
HomeLocalමාලිමාව ඉන්දියාවේ සහාය ගන්නා හැටි

මාලිමාව ඉන්දියාවේ සහාය ගන්නා හැටි

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය දියුණු කිරීම සඳහා ඉන්දියාවෙන් සහාය ලබාගත හැකි බව ජාතික ජනබලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සිය ඉන්දීය සංචාරය නිමවා අද දිවයිනට පැමිණි මොහොතේ මාධ්‍ය වෙත පැවැසීය. මේ වනවිට අප රට තුළ විශාල ප්‍රාග්ධනයක් නැති නිසා කලාපයේ බලවතා ලෙස ඉන්දියාවෙන් සහාය ලබා ගැනීම වඩාත් සුදුසු බවත් එහිදී තම ප්‍රතිපත්ති වලට යටත්ව එය සිදු කරන බව ද කීවේය. පක්ෂයක් ලෙස කුමන මතවාද තිබුණද රටකින් ආරාධනා ලද විට එය පිලිගැනීම වරදක් නැතැයි ද ඉන්දියාවේ ආරාධනා ලද පළමු දේශපාලන පක්ෂය තම පක්ෂය නොවන බව ද සදහන් කළේය.ඉදිරි ජනාධිපතිවරණයේදී විශාල වෙනසක් සිදු වන බවත් එබැවින් ජාත්‍යන්තර සම්බන්ධතා වැඩිදියුණු කරගැනීම වැදගත් බව ද සදහන් කළේය.

- Advertisment -

Most Popular

Recent Comments