Sunday, May 19, 2024
HomeSportsපැතුම් නිස්සංක වාර්තා පොතට

පැතුම් නිස්සංක වාර්තා පොතට

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අද මහනුවර පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු එක්දින තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයක දී ක්‍රීඩකයකු වාර්තා කළ වැඩිම ලකුණු ගණන අලුත් කරමින් පැතුම් නිස්සංක නොදැවී ලකුණු 210ක් ලබා ගැනීමට සමත් විය .ඒ අනුව 2000 වසරේ සාජා පිටියේ දී ඉන්දියාවට එරෙහි ව සනත් ජයසූරිය වාර්තා කළ ලකුණු 189 වාර්තාව අලුත් කිරීමට හැකි විය. ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 50 අවසානයේ දී කඩුලු 03ක් දැවී ලකුණු 381ක් ලබා ගැනීමට සමත් විය. අවිශ්ක ප්‍රනාන්දු 88,සධීර සමරවික්‍රම 44යි

- Advertisment -

Most Popular

Recent Comments