Sunday, May 19, 2024
HomeSportsශ්‍රී ලංකාවට ලකුණු 42ක ජයක්

ශ්‍රී ලංකාවට ලකුණු 42ක ජයක්

ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර ඊයේ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී ලකුණු 42ක ජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි විය.පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 50 අවසානයේ දී කඩුලු 03ක් දැවී ලකුණු 381ක් ලබා ගැනීමට සමත් විය.එහිදී පැතුම් නිස්සංක නොදැවී ලකුණු 210, අවිශ්ක ප්‍රනාන්දු 88,සධීර සමරවික්‍රම 44 ලෙස ලකුණු ලබා ගත්හ.ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට සිය පන්දු වාර 50 අවසානයේ දී ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 06ක් දැවී ලකුණු 339කි.අස්මතුල්ලා ඔමාර්සායි නොදැවී 149, මොහොමඩ් නබි 136යි.පන්දු යැවීමේදී ප්‍රමෝද් මධුෂාන් 75/4යි.

- Advertisment -

Most Popular

Recent Comments