Friday, May 24, 2024
HomeLocalඅද දිනයෙත් දිවයිනේ තැනින් තැන වැසි

අද දිනයෙත් දිවයිනේ තැනින් තැන වැසි

පසුගිය දිනවල මෙන් අද දිනයේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක මි.මි. 100කට වැඩි වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරයි.
නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය මේ සදහා බලපා ඇති බවත් බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් සියයකට වැඩි තද වැසි ඇති විය හැකියි. ඊට අමතරව මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකියි. දිවයින හරහා සුළගේ වේගය විටින් විට වැඩි විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.

- Advertisment -

Most Popular

Recent Comments