Friday, May 24, 2024
HomeLocalයුක්තියට කොටුවූ කොස්තාපල්

යුක්තියට කොටුවූ කොස්තාපල්

මිහි ජය සෙවන පොලිස් ස්ථානයට අනුයුක්ත කොස්තාපල්වරයකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2,140 ක් පොලිස් භාරයට ගෙන ඇත.

යුක්තිය මෙහෙයුමට සමගාමීව කොළඹ උතුරු කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සැකකරු මෝදර පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

27 හැවිරිදි සැකකරු වෑබඩ ගනේපොළ පදිංචිකරුවෙක් වන අතර ඔහුව මාළිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් පරීක්ෂණ පැවැත්වේ.

- Advertisment -

Most Popular

Recent Comments