Monday, May 20, 2024
HomeLocalරටට සුදුසුම නායකයා තෝරන්නේ මෙහෙමයි - නාලක මාතරදී කියයි

රටට සුදුසුම නායකයා තෝරන්නේ මෙහෙමයි – නාලක මාතරදී කියයි

සමගි ජන බලවේගයේ ජනාධිපති මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී හිටපු අමාත්‍ය සුජීව සේනසිංහගේ මෙහෙයවීමෙන් ජනවාරි 7 දා මාතර දිස්ත්‍රික්කයේ හක්මන, කඹුරුපිටිය, වැලිගම, මාතර හා දෙවිනුවර ආසනවල පැවති සමගි ජනබල වේගයේ ශාඛා සංවිධාන ශක්තිමත් කිරීමේ වැඩසටහන් මාලාවේ විශේෂ ආරාධිත දේශයකයා වූයේ හිටපු කැබිනට් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවායි.

නාලක ගොඩහේවා මන්ත්‍රීවරයා මූලිකවම පැහැදිළි කලේ මහාචාර්ය ජී එල් පීරිස් ඇතුලු විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරු විශාල වශයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි සන්ධානයට එකතු වෙමින් තිබීමට හේතුවයි.

” 2022 වසර මැද මේ රටේ විශාල ආර්ථික සමාජ හා දේශපාලන අර්බූධයක් ඇතිවුනා, රට බංකොලොත් උනා, අරගලය හරහා මුළු රටපුරාම ප්‍රචන්ඩත්වය දියත් වී ආණ්ඩුවක් පෙරලා මහජන ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයෙක් එලවනු ලැබුවා,විකෘති පාර්ලිමේන්තුවක මන්ත්‍රීවරුන් 114 දෙනෙකුගේ ඡන්දයෙන් ඉන් පෙර මහජනතාව විසින් ඡන්දයෙන් ප්‍රතික්ශේප කොට තිබූ දේශපාලනඥයෙක් ජනාධිපතිවරයා ලෙස පත්කරගනු ලැබුවා.

මුලින් බොහෝ දෙනෙක් හිතුවා දැන් වත් රට හරි පාරේ යාවි කියා. ආණ්ඩුවෙන් වෙන්වී ස්වාධීන වූ අපට ඔවුන් දොස් කිව්වා අලුත් ජනාධිපතිට සහාය දෙන්නේ නෑ කියා. හැබැයි අද වන විට ජනතාවට තේරුම් යන්න පටන් ඇරන් තිබෙනවා මේ ජනාධිපතිවරයාත් අසාර්ථක බව. ඔහු සුරංගනා කතා කියන්නෙක් පමණයි. ආර්ථික අර්බූධය කිසිසේත්ම විසඳිලා නෑ. ණය බර තවත් වැඩි වෙලා. රජය බදු පිට බදු ගසමින් විදුලි බිල ජල බිල දුරකථන බිල ඇතුලු සියලු සේවාවන් වල මිල ඉහල දමමින් ජනතාව සූරා කනවා. ජනතාවට අද තුන්වේල කන්න නෑ. දුප්පත්කම දෙගුණ තෙගුණ වෙලා. දරුවෝ මන්ද පෝෂනයේ, රැකියා ලක්ෂ ගානක් නැතිවෙලා, බුද්ධිමතුන් රට හැර යනවා.

ජනතාව වෛරයෙන් දත් මිටි කනවා. ඔවුන්ට සියල්ල එපා වෙලා.

මේ තත්වය යටතේ ඔබත් අපිත් කුමක්ද කල යුත්තේ. ප්‍රශ්නයෙන් පැන යනවද ? හිතට දිරි ඇරන් ආයෙත් විසඳුමක් හොයනවද ? අතීතයට දොස් කීමෙන් පමනක් අනාගත ප්‍රශ්න විසඳෙන්නේ නෑ. විවේචනය කරන එක හරිම පහසුයි. ඒක ඕනේ කෙනෙකුට කරන්න පුළුවන්. උත්තර හොයන්නයි අපහසු. ඒ නිසා මම ඉන්නේ අපි සියලු දෙනා එක්වී විසඳුමක් සෙවිය යුතුය කියනා තැනයි.

ඒ විසඳුම ප්‍රචණ්ඩත්වය හරහා නොව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් හරහා සොයා ගත යුතුයි. ප්‍රචණ්ඩත්වයෙන් විසඳුම් හොයන්න ගියාම වරදින හැටි අපි පසුගිය අරගලයෙන් දැක්කා. ලංකාවේ පමනක් නොවේ ලෝකයේ බොහෝ රටවල උදාහරණ තියෙනවා ප්‍රචණ්ඩත්වය විසඳුමක් නොවන බව ඔප්පු කරන්න.

2024 නොවැම්බර් මාසයට පෙර ඔන්න අපට ඒ සඳහා යලි අවස්ථාවක් එනවා. ව්‍යවස්ථාව අනුව 2024 අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු ජනාධිපතිවරණයෙන් අපට රටට ගැලපෙන නව නායකයෙක් පත්කරගන්න පුලුවන්. හැබැයි අපට තෝරා ගැනීම කරන්නට වන්නේ මැතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයන් අතුරින් පමනයි. ඒ අය කවුද කියා බොහෝ දුරට අපි දැනටමත් දන්නවා

ඒ අය අතු‍රින් අපි සහාය දෙන්නේ කාටද කියා තීරණය කිරීමේදී අපි රටේ ඊලඟ නායකයාට අත්‍යාවශ්‍ය ගුණාංග කිහිපයක් ගැන අවධානය දෙන්න වෙනවා.

මූලික සුදුසු කම තමා ඔහු හෝ ඇය ජන දුක හඳුනන නායකයෙක් විය යුතුයි. අද ආණ්ඩු කරන නායකයන්ගේ ප්‍රධාන ලක්ෂණය ඔවුන් දුක් විඳින ජනතාවගේ අපේක්ෂාවන් තේරුම් ගන්න අසමත් අය වීමයි. නැත්නම් මේ තරම් ජනතාවට දුක් දෙයිද ?

අප රට විනාශ වන්නට එක ප්‍රධාන හේතුව නායකයන් දූෂිතයන් වීම හෝ දූෂිතයන්ට අනුබල දෙන්නන් වීමයි. ඒ නිසා අප තෝරා ගන්නා නායකයා පිරිසිදු විය යුතු පමනක් නොවෙයි වංචාවට දූෂණයට සම්පූර්ණයෙන්ම විරුද්ධ අයෙක් විය යුතුයි.

දේශපාලනඥයින් බොහෝ විට විනාශ වෙන්නේ පවුල්වාදය නිසායි. පවුල දේශපාලනයට ගාවා ගත් ගමන් ඒ හරහා විශාල වැරදි සිදු වෙනවා. ඒ නිසා අප තෝරන ඊලග ජාතිකා නායකයා පවුල්වාදියෙක් නොවිය යුතුයි.

ඕනෑම පුදගලයෙක්ගේ අනාගත චර්යාව ඔහුගේ ඉතිහාසයෙන් කියන්න පුලුවන්. හිත යට කෲරකම් තියෙන නායකයෝ බලය අතට ආවාම පහසුවෙන්ම ප්‍රචණ්ඩත්වයට මර්ධනයට යොමුවෙනවා. ඒ නිසා අපි තෝරන නායකයා ඉතිහසයේ කිසි විටක ප්‍රචණ්ඩත්වයට භීෂණයට උඩ ගෙඩි නොදුන් අතේ ලේ නොතැවුරන ධාර්මික පුද්ගලයෙක් විය යුතුයි.

විවේචනය කරන්න ඕනෑ මෝඩයෙකුට පුළුවන්. වැඩ බැරි අය බොහෝ විට කරන්නේ වැඩ කරන අයව විවේචනය කිරීමයි. රට මේ අවස්ථාවේ තිබෙන මහා ආර්ථික අර්බූදයෙන් රට ගොඩ ගන්න නම් අනාගතය ගැන දැක්මක් තියෙන, රට සංවර්ධනය කිරීමට වැඩ පිලිවෙලක් තියෙන, ඒ වගේ ඒ සඳහා සහාය දීමට දක්ෂ කණ්ඩායමක් සිටින අයෙක් නායකත්වයට පත් කර ගත යුතුයි.

අපිට තවදුරටත් අත් හදා බැලීම කරමින් ඉන්නට වෙලා නෑ. ඒ නිසා දැනට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් අතුරින් ඉහත කී කොන්දේසි සියල්ල සම්පූරණ අපේක්ෂයකයා ලෙස අප තෝරාගෙන තිබෙන්නේ වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතායි.

සජිත් ප්‍රේමදාස නම්‍යශීලී නායකයෙක් බව මෙතෙක් අපි එකට කටයුතු කරද්දී අපට තේරුම් ගොස් තිබෙනවා. ඔහුට ඔහුගේම වැඩ පිලිවෙලක් තිබෙනවා වගේම ඔහු හොඳ යෝජනාවලට ඇහුකම් දී වෙනස් වෙන්නත් සූදානම් බව මෙතෙක් අප සමග ගනුදෙනු කරද්දී පෙන්වා තිබෙනවා. එය හොඳ නායකත්ව ලක්ෂණයක්. ඒ නිසා අපි දැන් උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් ඉන්නා රටට ආදරය කරන දක්ෂ මිනිසුන් හැකි පමණ එකතු කොට පුළුල් සන්ධානයක් සාදා රට ගොඩ ගන්නට පුලුවන් පොදු වැඩපිලිවෙලකට එකග වීමේ සාකච්ඡා කඩිනමින් ආරම්භ කරන්නටයි.

මේ ගොඩ නැගෙන කඳවුරේ ශක්තියට බියවී අපිව කල වේලා ඇතුව බිඳවන්නට විවිධ පුද්ගලයන් ගන්නා සටකපට උත්සාහයන්ට රැවටෙන්නට තරම් අපි මෝඩ නැති බවත් මේ අවස්ථාවේදී කිව යුතුයි. “
– මාධ්‍ය ලේකම් – දේවින්ද සේනාධීර

- Advertisment -

Most Popular

Recent Comments