Friday, May 24, 2024
HomeLocalවෛද්‍ය බෙල්ලනට පරීක්ෂණයක්

වෛද්‍ය බෙල්ලනට පරීක්ෂණයක්

ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.සෞඛ්‍ය සුළු සේවකයින් සම්බන්ධයෙන් වෛද්‍ය බෙල්ලන කළ ප්‍රකාශයක් ගැන මෙලෙස පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇත. ඒ අනුව අදාළ පරීක්ෂණය පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාට සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් දී ඇත. සෞඛ්‍ය සේවය සදහා සෑම අංශයක්ම අවශ්‍ය බව අමාත්‍යවරයා සදහන් කරයි. වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා අද උදෑසන ද සෞඛ්‍ය සේවා සුළු සේවකයින් විරෝධතාවයක නිරත විය.

- Advertisment -

Most Popular

Recent Comments