Monday, May 20, 2024
HomeLocalමාස දෙකක් අවසානයේ යුක්තියේ ප්‍රගතිය

මාස දෙකක් අවසානයේ යුක්තියේ ප්‍රගතිය

දිවයිනපුරා ක්‍රියාත්මක වන යුක්තිය මෙහෙයුම ඔස්සේ මේ වනවිට අපරාධකරුවන් 64,850ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඒ අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 56,140ක් සිටින අතර අපරාධ අංශ වෙත යොමුකළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 8,710 ක් සිටින බව වාර්තාවෙයි.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 56,140 දෙනා අතරින් සැකකරුවන් 1,850 කට රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 2,009 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇත. 

නීතිවිරෝධී වත්කම් විමර්ශන ආරම්භ කළ සැකකරුවන් ගණන 234 ක් වන අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්යාංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 3,202 ක්ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති මුළු මත්ද්‍රව්‍යවල වෙළෙඳපළ වටිනාකම මිලියන 7,852.6කට ආසන්න වන අතර, තහනමට ගත් දේපළවල වෙළෙඳපළ වටිනාකම මිලියන 726 කට ආසන්න බව අනාවරණය වී ඇත.

එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 8,710 දෙනා අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 1,333 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන්  6,700 ක්ද සිටී.

මේ අතර ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 284 ක් සහ අපරාධවලට අවශ්‍යකරන සැකකරුවන් 393 ක්ද මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන ඇත.

- Advertisment -

Most Popular

Recent Comments