Thursday, October 3, 2024
HomeUncategorizedපාර්ලිමේන්තු මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 58ක් ඇප තැන්පත් කෙරේ..

පාර්ලිමේන්තු මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 58ක් ඇප තැන්පත් කෙරේ..

මෙවර පාර්ලිමේන්තු  මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් 58ක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මඩකලපුව, යාපනය, දිගාමඩුල්ල සහ කොළඹ දිස්ත්‍රික්කවලින් වැඩිම ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාවක් ඇප තැන්පත් කර ඇත.පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නාමයෝජනා භාර ගැනීම හෙටින් (04) ආරම්භ වේ.ඒ අනුව ලබන 11 වැනිදා මධ්‍යහන 12 දක්වා නාම යෝජනා භාරදිය හැකි බව, මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.මේ අතර 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත්‍ භාරගැනීම මේ වනවිට ආරම්භ කර ඇත.ලබන 8 වැනිදා දක්වා අයැදුම්පත් භාර ගැනීම සිදු වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ ය.2024 පාර්ලිමේන්තු මැතිවරණය, නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිතයි.

- Advertisment -

Most Popular

Recent Comments