Sunday, October 20, 2024
HomeLocalඅපිට ඕන ඔවුන්ට මඟ පෙන්වන විපක්ෂයක් - දිලිත්

අපිට ඕන ඔවුන්ට මඟ පෙන්වන විපක්ෂයක් – දිලිත්

රට ඉදිරියට ගෙන යාම සඳහා ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීමට තම කණ්ඩායමට බලය ලබාදෙන ලෙස සර්වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ඉල්ලා සිටී.

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සර්වජන බලයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අරඹමින් අනුරාධපුරයේ පැවති මංගල ජන රැලියේදී ඔහු එම ඉල්ලීම කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සර්වජන බලය නායක සහ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා,

“දැන් අපි උපකල්පනය කළොත් ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දුන් ඒ 47%ම ඡන්දය දෙන්නේ ඒ ගොල්ලන්ටම කියලා ඒක වැරදි උපකල්පනයක්. එහෙම හිතුවත් සෙසු 57% කිසිම දේශපාලන හව්හරණක් නැති ඡන්ද දායකයින් බවට පත්වෙලා තියෙනවා. මොකද සජබෙට යන්න බැහැ ඔහු කියන දේ තේරෙන්නේ නෑ අනික ඔහු විපක්ෂනායක හැටියට ඉඳලා ඒ කාර්යභාරය හරියට නොකරපු නිසා තුන්වැනි බලවේගයක් පළවැනි බලවේගය කරලා ජනාධිපතිවරයෙක් බවට පත් කරන්නට ඔවුන් කටයුතු කරලා තියනවා.

ඉතිං ඒ නිසා ඔහුට බෑ ආයිමත් විපක්ෂයට එන්න. සර්වජන බලය ඔබට පිහිටවන්නෙත්, රටට පිහිටවන්නෙත් මෙන්න මේ පරිසරය තුළ. අපට අවශ්‍ය නැහැ මේ අභිනව රජයට, ඔවුන්ට කකුල් මාට්ටු දාන්න. අපිට ඕන ඔවුන්ට මඟ පෙන්වන්නට. අපිට අවශ්‍යයි මේ රාජ්‍ය සේවකයාගේ වැටුප 25%කින් වැඩිකරනවා කිව්වාම අනුර කුමාර ජනාධිපතිතුමා කිව්වේ, නෑ මාස 6න් 6ට වැඩි කරනවා කියලා. ඉතිං අපි මාස 6කට සැරයක් එඩිතර විපක්ෂය නැගිටලා ඒ හැම මාස 6කට අර වැටුප් වැඩි කිරීම ඔබට ලබා දෙන්නට කටයුතු කරන්නට කැමතියි. දැන් අපිටත් ඕන රුපියල් 200ට පෙට්‍රල් දෙන්න ඔවුන්ට මඟ පෙන්වන විපක්ෂයක්. 

කවුද අකමැති මේ රටින් හොරාකාපු හොරු ටික අල්ලලා ගෝල්ෆේස් එකට ගේනවා දකින්නට. අපි එඩිතර විපක්ෂයක් විදිහට ඔවුන් එක්ක හිටගන්නවා අන්තිම හොරා අල්ලනකන්ම. අපිට ආසයි මේ රටින් පන්නපු ඩොලර් ටික ගේන්න.”

- Advertisment -

Most Popular

Recent Comments