ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් සැන්ඩිල් එඩ්වින් ශෝක් මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (25) පෙරවරුවේ සිදු ව තිබේ.
ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ එහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර මෙරටට පැමිණ සිටින සංචාරකයින්ගේ සහ පුරවැසියන්ගේ ආරක්ෂාව මේ වන විටත් තහවුරු කර ඇති බව ජනාධිපතිවරයා එහිදි සඳහන් කර තිබේ.
එසේම ශ්‍රි ලංකාවේ අලි – මිනිස් ගැටුමට විසඳුම් සෙවීමේදී දකුණු අප්‍රිකාවෙන් ලබා ගත හැකි සහාය පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කර තිබේ.
දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක කරන සාම සහ ජාතික ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරිමට ද සහාය ලබා දෙන බව දකුණු අප්‍රිකානු මහකොමසාරිස්වරයා ජනාධිපතිවරයා හමුවේ පවසා තිබේ.
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය හා එක්ව ජාත්‍යන්තර වෙළඳාම ප්‍රවර්ධනය කිරිම සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකාවේ ආරක්ෂක, තාක්ෂණ, කෘෂිකර්මාන්ත හා සංචාරක ක්ෂේත්‍රයන්හි ප්‍රවර්ධනයට දකුණු අප්‍රිකාවේ සහාය ලබා දෙන බව ද සැන්ඩිල් එඩ්වින් ස්කෝක් මහතා මෙහිදී සඳහන් කළේය.