Thursday, July 18, 2024
HomeUncategorizedරාජ්‍ය මූල්‍ය කළමනාකරණ (PFM) පනත් කෙටුම්පත සකස්කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය දරන ප්‍රයත්නය...

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (PFM) පනත් කෙටුම්පත සකස්කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය දරන ප්‍රයත්නය රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පැසසුමට

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (PFM) පනත් කෙටුම්පතෙහි අඩංගු කරුණු පිළිබඳ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සලකා බලා අනුමත කරන ලදී. ඒ අනුව, මහජන විශ්වාසය වර්ධනය කිරීම පිණිස කාර්යක්ෂම පද්ධතියක් සකස් කිරීම, කාර්යක්ෂම ලෙස සම්පත් වෙන් කිරීම සහතික කිරීම සහ තිරසාර ආර්ථික වර්ධනයට සහාය වීම අරමුණු කරගත් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යාංශය දරන උත්සාහය පිළිබඳව කාරක සභාවේ ප්‍රසාදය හිමිවිය.

වත්මන් මුල්‍ය රෙගුලාසි නෛතික රාමුවක් මත පදනම් වුව ද ඒවා ප්‍රමාණවත් නොමැති බව පැමිණ සිටි නිලධාරීහු කාරක සභාව හමුවේ පැවැසුහ. ඒ අනුව වත්මන් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පිළිවෙත්වල ඇති අඩුපාඩු, ආවේනික දුර්වලතා සහ විනිවිදභාවය සහ වගවීමේ ගැටලු හේතුවෙන්, මූල්‍ය විනය ස්ථාපිත කිරීම සඳහා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (PFM) පනත් කෙටුම්පත සකස් කර තිබෙනවා බව ඔවුහු වැඩිදුරටත් අදහස දක්වමින් පැවසුහ.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (11) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදී මෙම පනත් කෙටුම්පත සලකා බලා අනුමත කරන ලදී.

- Advertisment -

Most Popular

Recent Comments