මේ වන විට මෙරට එන්නත්කරන වැඩසටහන ඉතාමත් සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වෙමින් පවතින බව දැකගත හැකිය.ඒ අනුව එහි තවත් එක් පියවරක් ලෙස වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් කඩිනමින් එන්නත්කරණය කිරීමේ වැඩසටහනක් අද ආරම්භ කෙරුණි.
ඒ, බස්නාහිර පළාතේ ජනතාව වෙනුවෙනි. යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ මෙතෙක් කිසියම් හෝ එන්නතක පලමු මාත්‍රාව හෝ ලබාගෙන නොමැති වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් වේ නම් ඔවුන් අවදානම් තත්ත්වයේ සිටින බවයි.
කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, අයි ඩී එච් රෝහල හා අවිස්සාවේල්ල දිසා මහ රෝහලේදී ද අද සිට වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නත් ලබාගත හැකියි.
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම ද මේවනවිට සිදු වේ. දෙවන මාත්‍රාව ලබාගත යුතු සියලුදෙනා ඊට කඩිනමින් සම්බන්ධ වන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දී තිබේ.
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 10 සීමාව ඉක්මවා ගොස් තිබේ. එහි දෙවන මාත්‍රාව ද සම්පූර්ණ කර ඇති සංඛ්‍යාව අට ලක්ෂ 7,539 කි.