මේ වන විට මෙරට ගෑස් පිළිබඳව කිසියම් අර්බුදයක් මතුවී ඇති බව ප්‍රදේශ ගණනාවකින් වාර්තා වේ.ඒ අනුව එම අර්බුදය මතු වී ඇත්තේ ලාෆ් ගෑස් සම්බන්ධවයි.
මෙම තත්වය සැළකිල්ලට ගෙන ලාෆ් ගෑස් පරිභෝගිකයන් මුහුණ දී සිටින ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් ලබාදීමට සාකච්ඡා කරමින් සිටින බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය අලසන්ත අලගියවන්න මහතා අද (05) පෙරවරුවේ පැවසීය.
ජනතාව ගෘහස්ථ ගෑස් සම්බන්ධයෙන් ගැටලුවකට මුහුණ දී සිටින බව රජය හැටියට තේරුම් ගෙන සිටින බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඒ සඳහා ඉක්මණින් විසඳුමක් ලබාදීමට දින කීපයක් අඛණ්ඩව අදාල පාර්ශව සමඟ සාකච්ඡා කරමින් සිටින බව සඳහන් කළේය.
මෙහිදී ලාෆ් ගෑස් පාරිභෝගිකයන් මුහුණ දී සිටින ගැටලුවට විසඳුමක් ලබාදීමට වැඩි අවදානය යොමු කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.