Friday, May 24, 2024
HomeLocalහැඳුනුම්පත් අංක ක්‍රමය අනුගමනය නොකරන පිරිස් අල්ලා අධිකරණයට - නියෝජ්‍ය පොලිස්පති අජිත්...

හැඳුනුම්පත් අංක ක්‍රමය අනුගමනය නොකරන පිරිස් අල්ලා අධිකරණයට – නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

පසුගිය සති අන්තයේ පනවා තිබූ සංචරණ සිමාවන් ලිහිල් වීමත් සමග අද දිනයේදී ජනතාව සිය සාමාන්‍ය ජන ජිවිතයට ඇතුළු වීමට සූදානම් උවත් එය පෙර මෙන් සාමාන්‍ය මට්ටමට පත්වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ඒ අනුව ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රීයේ සිට දිවයින පුරා ක්‍රියාත්මක කළ සංචරණ සීමා අද අළුයම 04ට ඉවත් කෙරුණි. කෙසේවෙතත් ලබන 31වනදා තෙක් දෛනිකව රාත්‍රී 11 සිට අලුයම 04 දක්වා දිවයින පුරා සංචරණ සීමා පැනවෙන බව පොලිසිය සඳහන් කළේය.

හැදුනුම්පත් අංක ක්‍රමයට අනුව අද දිනයේ නිවසින් පිටවීමට අවස්ථාව හිමි වන්නේ ජාතික හැදුනුම්පතේ අවසන් අංකය 1, 3, 5, 7 සහ 9 හිමි පුද්ගලයින්ටයි. ජාතික හැදුනුම්පත නොමැති පුද්ගලයින්ට අත්‍යවශ්‍ය නොවන කටයුතු සදහා පිටවීමේදී විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රයේ සදහන් හැදුනුම්පත් අංකයේ අවසන් අංකයට අනුව ඊට අදාළ දිනයන්හිදී නිවසින් පිටවීමට අවසර හිමි වේ.

අත්‍යාවශ්‍ය රාජකාරී සඳහා පැමිණෙන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට සිය රාජකාරී හැදුනුම්පත භාවිත කර සේවා ස්ථානය වෙත පැමිණිය හැකියි. හැදුනුම්පත් අංක ක්‍රමවේදයට අනුව කටයුතු නොකරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කරන ලදී.

- Advertisment -

Most Popular

Recent Comments