Friday, May 24, 2024
HomeLocalවෙලේ සුදාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන්නැයි මවගෙන් අධිකරණයට රිට් පෙත්සමක්

වෙලේ සුදාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන්නැයි මවගෙන් අධිකරණයට රිට් පෙත්සමක්

ආසන්න දින කිහිපය තුළදී මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙක් වන ඌරු ජුවා සහ කොස්ගොඩ තාරක යන දෙදෙනාම පොලිස් වෙඩි පහරින් මරණයට පත් විය.

මේ තත්වය සැළකිල්ලට ගනිමින් මත්කුඩු ජාවාරම් කිරීමේ චෝදනාවට මරණ දණ්ඩනය නියමවී ඇති විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නැමැත්තාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට බන්ධනාගාර බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ඔහුගේ මව විසින් අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර ඇත .

ඒ අනුව බන්ධනාගාරයේ සිටින තම පුතාගෙ ආරක්ෂාව සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන්ට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට රජගල්ගොඩ ගමගේ මාලනි නැමැති දෙහිවල ප්‍රදේශයේ පදිංචිකාරිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි .

තාරක විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක ඇතුළු දෙදෙනෙකු පොලිස් භාරයට ගැනීමෙන් අනතුරුව මීට කිහිප දිනකට පෙර ඝාතනය කර ඇති බවත් ඒ අනුව තම පුතාගේ ජීවිතය පිළිබඳ බියක් තමාට ඇති බවත් පෙත්සම්කාරිය පෙත්සමින් පවසා සිටියි .

- Advertisment -

Most Popular

Recent Comments