Friday, May 24, 2024
HomeLocalවරාය නගර කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමාජිකයන් ලාංකිකයින් පමණයි

වරාය නගර කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමාජිකයන් ලාංකිකයින් පමණයි

වරාය නගරය සම්භන්දයෙන් සමාජය තුළ විශාල වැරදි මත ප්‍රචාරය වන බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් නිරන්තරයෙන් චෝදනා කරනු ලබයි.කෙසේ වෙතත්
කොළඹ වරාය නගර කොමිෂන් සභාවේ සභාපති ඇතුළු එහි සාමාජිකයන් ලෙස පත්කරන්නේ ශ්‍රී ලාංකිකයන් පමණකැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) පැවසීය .

එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති තීරණය අනුව ඊට ඇතුළත් කළ යුතු සංශෝධන සියල්ල දෙවැනි වර කියවීමේ අවස්ථාවේදී පනතට එකතු කරන බව ද අගමැතිවරයා ප්‍රකාශ කළේය .

ඔහු මෙසේ පැවසූවේ කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරමිනි.මේ නිසාවෙන් කිසිවෙකුත් ඒ සම්භන්දව බිය විය යුතු නැති බව අගමැතිතුමන් වැඩි දුරටත් සදහන් කරන ලදී.

- Advertisment -

Most Popular

Recent Comments