මේ දින වල දේශපාලනික වේදිකාවේ වඩාත් විශාල වශයෙන් කතා බහට ලක්වූ මාතෘකාව වූයේ බැසිල් රාජපක්ෂ මහතා නැවත පාර්ලිමේන්තුවට පැමිණීමේ සූදානම්යි.මේ පිළිබඳව විවිද අදහස් මේ දින වල දේශපාලන වේදිකාවේ අසන්නට ලැබුණු අතර අද එයට තවත් සුවිශේෂී මාතෘකාවක් එකතු විය.
ඒ අනුව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්රී ජයන්ත කැටගොඩ මහතා සිය මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.ඒ සම්බන්ධයෙන් වන ඉල්ලා අස්වීමේ ලිපිය මේ වනවිට පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදී ඇති බවයි වාර්තා වේ.
මෙම සිදුවීම හරහා බැසිල් රාජපක්ෂ මහතා නැවතත් පාර්ලිමේන්තුවට පැමිණීම සනාථ වන බවට උපකල්පනය කළ හැකිය.