මේ දින වල උද්ගත වී ඇති තත්වය හමුවේ ගොවි ජනතාව රජය කෙරෙහි විශාල විරෝධයක් එල්ල කරමින් සිටී.එවැනි පසුබිමක් යටතේ යල කන්නයේ වී මිලදි ගැනීමේ වැඩසටහන යටතේ නාඩු වී කිලෝවක් රුපියල් 50 කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 52 කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 55 කටත් වශයෙන් සහතික මිල ගණන් යටතේ ගොවීන්ගෙන් මිලදි ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
සහතික මිලට අමතරව ප්‍රමිතියෙන් යුතු වී තොග ගොවීන්ගෙන් සෘජුවම මිලදී ගැනීමේදී සැකසීම හා ප්‍රවාහනය සදහා වී කිලෝවකට රුපියල් 1 යි 50 ක මුදලක් ගොවීන්ට ගෙවීමටද අනුමැතිය හිමිවූ බව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණි.