Friday, May 24, 2024
HomeLocalකොවිඩ් එන්නත් මිශ්‍ර කිරීම භයානක තත්වයක් විය හැකියි - විද්‍යාඥ සෞම්‍ය ස්වාමිනාදන්

කොවිඩ් එන්නත් මිශ්‍ර කිරීම භයානක තත්වයක් විය හැකියි – විද්‍යාඥ සෞම්‍ය ස්වාමිනාදන්

කොරෝනා වසංගත තත්වය හමුවේ මේ වන විට ඉන් මිදීම සඳහා ඇති ප්‍රධානතම ක්‍රමවේදය ලෙස හඳුන්වනු ලබන්නේ එන්නත්කරන වැඩසටහනයි.කෙසේ වෙතත් විවිධ නිෂ්පාදකයන්ගේ ‘කොවිඩ්-19’ එන්නත් සැසඳීම සහ මිශ්‍ර කිරීම “භයානක ප්‍රවණතාවක්” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍ය ස්වාමිනාදන් ඉකුත් දා (12) පවසා තිබේ.

ගෝලීය ‘කොවිඩ්-19’ වසංගත තත්තත්වය සම්බන්ධයෙන් දින කිහිපයකට වරක් පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇය එම කරුණු සඳහන් කළාය.

එන්නත් මිශ්‍ර කිරීමෙන් සහ සැසඳීමෙන් සිදුවන සෞඛ්‍ය බලපෑම සම්බන්ධයෙන් තවමත් ඇත්තේ සීමිත තොරතුරු ප්‍රමාණයක් බවත් එබැවින් විවිධ නිෂ්පාදකයන්ගේ ‘කොවිඩ්-19’ එන්නත් සැසඳීම සහ මිශ්‍ර කිරීම “භයානක ප්‍රවණතාවක්” බව ඇය වැඩි දුරටත් සදහන් කාරාන ලදී.

“මේක තරමක භයානක ප්‍රවණතාවක්. එන්නත් මිශ්‍ර කිරීම සහ සැසඳීම සම්බන්ධයෙන් අපි ඉන්නේ දත්ත සහ සාක්ෂිවලින් නිදහස් ලෝකයක. අපට ප්‍රමාණවත් තරම් දත්ත නැහැ” යැයි ඇය කීවාය.

අන්තර්ජාලය ඔස්සේ මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

මේ අතර දෙවැනි, තෙවැනි සහ සිවුවැනි එන්නත් මාත්‍රා ගන්නේ කවදාද , කවුද යන්න පුරවැසියන් තීරණයට කිරීමට පටන් ගත්තොත් ව්‍යාකූල තත්ත්වයක් ඇති වනු ඇතැයි ද ඇය තවදුරටත්සදහන් කරාන ලදී.

- Advertisment -

Most Popular

Recent Comments