Friday, May 24, 2024
HomeLocalයහපාලන රජය සමයේ දේශපාලන පළිගැනීම් වලට ලක්වූ පොලිස් නිළධාරීන් 83කට උසස්වීම්

යහපාලන රජය සමයේ දේශපාලන පළිගැනීම් වලට ලක්වූ පොලිස් නිළධාරීන් 83කට උසස්වීම්

පොලීසිය භාර අමාත්‍යවරයා ලෙස පසුගිය දින වලදී කාගේත් කතා බහට ලක්වූ අමාත්‍ය සරත් වීරසේකර මහතා පොලිස් දෙපාර්තමේන්තුවට අදාළව උසස්වීම් ලබා දීමට තීරණය කර ඇත.ඒ අනුව යහපාලන ආණ්ඩු සමයේදී දේශපාලන පලිගැනීමට ලක්වූ පොලිස් නිලධාරීන් 400ක් පමණ සිය අභියාචනා ඉදිරිපත් කර තිබු අතර ඉන් 83 දෙනෙකු පමණ ඒ පිළිබද සොයා බැලීම සදහා පත් කළ කමිටුව විසින් තෝරාගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සදහන් කරන ලදී.

ඔවුන්ට අදාළ උසස්වීම් ලබාදීමටද එම කමිටුව නිර්දේශ කර තිබෙන අතර එම පොලිස් නිලධාරීන්ගේ ලැයිස්තුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත මේ වනවිට යොමු කර ඇති බව අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කරාන ලදී.

2014 වසරෙන් පසුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් කිසිවෙකු සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කර නොතිබූ බවත් තමන් මහජන ආරක්ෂක අමාත්‍ය ධූරයට පත් වු පසු එම නිලධාරීන් 87 දෙනෙකු පමණ එම තනතුරට උසස් කිරීමට අදාල කටයුතු සලසමින් ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

- Advertisment -

Most Popular

Recent Comments