Friday, May 24, 2024
HomeLocalඅසංග ප්‍රියමන්ත පීරිස්ට ගෞරව ප්‍රණාමයක්

අසංග ප්‍රියමන්ත පීරිස්ට ගෞරව ප්‍රණාමයක්

කළා ක්ෂේත්‍රයේ නියුතු අයවලුන් සඳහා ඔවුන්ගේ කලා නිර්මාණ වෙනුවෙන් ඇගයීමක් හිමිවීම ඉතාමත් වටිනාකමක් සහිත දෙයක් බව සදහන් කල යුතුමය.ඒ අනුව ජනප්‍රිය ගායක අසංග ප්‍රියමන්ත පීරිස් වෙත මනුෂ්‍යත්වය උදෙසා ගෞරව ප්‍රණාමයක් ලෙසින් “කලාභූෂණ ජනරංජන කීර්ති ශ්‍රී දේශමාන්‍ය “ගෞරව නාමය සහිත සන්නස් පත්‍රයක් අමරපුර ශ්‍රී සද්ධම්මවංශ නිකායේ අනුනායක පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් අතින් ලබා දීම සිදු කෙරුණි.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පසුගියදා ඉකුත් 18 වැනිදා පැවති උත්සවයකදී මෙය ලබා දුන් අතර ගීත 400 පමණ ගායන කර ඇති ඔහුගේ ගායන දිවිය වසර 35ක් පමණ වේ.

මොරටුව වේල්ස් කුමර විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන අසංග ප්‍රියමන්ත පීරිස් 1985 වර්ෂයේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් ස්වදේශීය සහ වෙළඳ සේවයේ සරල ගී පරීක්ෂණයෙන් සමත් විය.

- Advertisment -

Most Popular

Recent Comments