Friday, May 24, 2024
HomeLocalවිවාහ මංගල උත්සව වලට ලබා දුන් අවසරය අවභාවිත කරන බව පේනවා

විවාහ මංගල උත්සව වලට ලබා දුන් අවසරය අවභාවිත කරන බව පේනවා

කොවිඩ් වසංගත තත්වය හමුවේ පසුගිය කාල සීමාවේදී අත් හිටුවා තිබූ විවාහ මංගල උත්සව මේ වන විට පැවැත්වීමට අවසර ලබා දීමත් සමග විශාල පිරිසක් සිය මගහැරුණු මංගල අවස්ථාව නැවත ලබා ගැනීමට කටයුතු කරමින් සිටී.ඒ අනුව සෞඛ්‍ය උපදෙස් අනුව උපරිමය පුද්ගලයින් 150 දෙනෙකුගේ සහභාගිත්වයෙන් යුතුව විවාහ මංගල උත්සව පැවැත්වීමට ලබාදී ඇති අවසරය අවභාවිතා කරන බවට තොරතුරු ලැබී ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කර සිටී.

කොළඹින් පිට ප්‍රදේශවල පවත්වනු ලබන විවාහ මංගල උත්සව සඳහා ලබාදී තිබෙන උපරිමය 150 දෙනෙකුගෙන් යුත් පිරිසේ සීමාව ඉක්මවා යමින් විවාහ මංගල උත්සව පවත්වන බව යුද හමුදාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.

මෙවැනි පසුබිමක් මත ඉදිරියේ කොවිඩ් පොකුරු බිහි වීමේ හැකියාවක් ඇති බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කර සිටියේ.විශාල කොවිඩ් පොකුරු වාර්තා වූ 03 වන කොවිඩ් රැල්ල ආරම්භ වුනේ අලුත් අවුරුදු සමයේ දී ජනතාව වගකීම් විරහිත ලෙස කටයුතු කිරිම නිසයි. ඒ නිසා අපි ජනතාවට නැවත වරක් මතක් කර දෙනවා වගකීමෙන් යුක්තව කටයුතු කරන්න කියලා.

ඒ වගේම කොළඹින් පිට ප්‍රදේශවල පවත්වනු ලබන විවාහ මංගල උත්සව පැවැත්වීම සම්බන්ධයෙන් ලැබෙන තොරතුරු සතුටුදායක නැහැ. අවසරය ලබාදී ඇති සීමාව ගැන තැකීමක් නොකොට මංගල උත්සව පවත්වන බවට තොරතුරු වාර්තා වනවා. ඉදිරියේදී මේ අයුරින් කටයුතු කලොත් “මගුල් පොකුරු” ඇතිවීමේ අවදානමක් තිබෙනවා.

ජනතාවට රජයක් වශයෙන් ලබා දෙන්නේ පුළුවන් උපරිම සහනය ලබාදෙන්නැයි මේ සංචරණ සීමා ලිහිල් කරලා කටයුතු කර තිබෙනවා. නමුත් දෛනිකව ආසාදිතයින් 1500 සීමාව ඉක්මවා වාර්තා වන පසුබිමක ජනතාව වැඩි අවදානයකින් පසුවීම ඉතා වැදගත් ” යැයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදී

- Advertisment -

Most Popular

Recent Comments