Friday, May 24, 2024
HomeLocal60ට වැඩි අය IDH ගියාට එන්නත් නැතැයි චෝදනා

60ට වැඩි අය IDH ගියාට එන්නත් නැතැයි චෝදනා

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීමට නොහැකි වූ වයස අවුරුදු 60ට වැඩි පිරිස් සඳහා ඊයේ දිනයේදී ස්ථාන කිහිපයකදී එහි පළමු මාත්‍රාව ලබා දෙන බවට දැනුම් දී තිබුනත් අයි ඩී එච් රෝහලට පැමිණි වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් බොහෝ දෙනෙකු එන්නත් නොලබා පිටව ගොස් තිබෙන බව වාර්තා වේ. බොහෝ පුද්ගලයින් චෝදනා කළේ එන්නත ලබාගැනීම සඳහා උදෑසනින්ම රෝහලට පැමිණියත් එන්නත්කරණය සඳහා ප්‍රමාණවත් මාත්‍රා ලැබී නොමැති බව රෝහලෙන් පැවසූ බවයි.

කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාගැනීම සඳහා අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට අයි ඩී එච් රෝහලට පැමිණෙන ලෙස පූර්ව දැනුම් දීමක් සිදුකළත් ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ඊයේ දිනයේදී අයි ඩී එච් රෝහලට එවා ඇත්තේ එන්නත් මාත්‍රා 500 ක් පමණයි.

ඒ අනුව ඊයේ උදෑසන 08 යි 30 සිට දහවල් 12 දක්වා පමණක් අයි ඩී එච් රෝහලේදී එන්නත්කරණ වැඩසටහන සිදුකර තිබේ. එහෙත්, මාත්‍රා ලබාගැනීම සඳහා 2000 ක පමණ පිරිසක් අයි ඩී එච් රෝහල වෙත ඊයේ පැමිණ ඇත.

මේ අතර කොරෝනා මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සඳහා අවශ්‍ය එන්නත් මාත්‍රා මෙතෙක් අයි ඩී එච් රෝහලට ලැබී නොමැති බව අප කළ විමසීමකදී අනාවරණය විය.

- Advertisment -

Most Popular

Recent Comments