Friday, May 24, 2024
HomeLocalමීගොඩ රිය අනතුරින් මියගිය බිලිඳිය,අත්තම්මා හා රෝහල් ගතකර ඇති මවට කොරෝනා

මීගොඩ රිය අනතුරින් මියගිය බිලිඳිය,අත්තම්මා හා රෝහල් ගතකර ඇති මවට කොරෝනා

කොරෝනා නිසා දෛනිකව මිය යන පුද්ගලයන් මෙන්ම රිය අනතුරු නිසා මියයන පුද්ගලයින්ද මේ දින වල විශාල වශයෙන් වාර්තා වීම කණගාටුවට කරුණකි.ඒ බව සනාථ කරමින් මීගොඩ, වටරැක දුම්රිය පොළ ආසන්නයේදී ලොරි – ත්‍රිරෝද රථ අනතුරෙන් මියගිය, මාස තුනක් වයසැති බිලිඳිය, ඇගෙ අත්තම්මා සහ, රෝහල් ගතව ප්‍රතිකාර ලබන, බිළිඳියගේ මව, කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගෙන ඇතැයි, කළුබෝවිල ශික්ෂණ රෝහල් ආරංචි මාර්ග සදහන් කර සිටී.

මාස තුනක් වයසැති බිලිඳියගේ සහ ඇයගේ අත්තම්මාගේ සිරුරු පශ්චාත් මරණය සඳහා, කොළඹ අයි ඩී එච් රෝහලට යොමු කර ඇත.

මෙසේ මියගොස් ඇත්තේ ගාල්ල දොඩන්දූව ප්‍රදේශයේ පදිංචි, වන්‍යා කේෂී වීරසිංහ මාස තුනක් වයසැති බිලිඳිය, මීගොඩ වටරැක සෝමරත්න මාවතේ පදිංචි, පතිරණගේ ප්‍රියානී චන්ද්‍රිකා (57) නමැති කාන්තාවකි.

සිද්ධිය පිළිබඳව පොලීසිය විසින් පරීක්ෂණ කටයුතු සිදු කරමින් සිටී.

- Advertisment -

Most Popular

Recent Comments