කොරෝනා වසංගතය මේ වන විට රටම බිලි ගනිමින් පවතින මොහොතක කොවිඩ් ආසාදිතව යාපනය මන්දිකෙයි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි යාපනය,වැල්වැටිතුරෙයි නගර සභාවේ නගරාධිපති කේ.කරුණානන්දරාසා අද(11) උදැසන ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය වැල්වැටිතුරෙයි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් හා වැල්වැටිතුරෙයි පොලිසිය සදහන් කර සිටී.
මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පැවසූවේ කොවිඩ් ආසාදිත නගරාධිපතිවරයා යාපනය පේදුරුතුඩුව මන්දිකෙයි රෝහලට පසුගිය 09 වැනිදා යොමුකොට සිටි බවයි.
නගරාධිපතිවරයගේ ආශ්‍රිතයින් හා නගර සභාවේ නිළධාරීන් රැපිඩි ඇන්ටිජන් පරීක්ෂාවන්ට හා පී .සී .ආර් පරීක්ෂාවන්ට යොමු කළ බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් සදහන් කරන ලදී.
ජිවිතක්ෂයට පත්වු වැල්වැටිතුරෙයි නගර සභාවේ නගරාධිපතිවරයා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් නගර සභාවට තේරී පත්වුණි.