සූම් තාක්ෂණය ඔස්සේ පැවැති එක්සත් ජාතික පක්ෂ ප්රතිසංවිධාන වැඩසටහනකට එක්වෙමින් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කරසිටියේ රටේ ජනතාව මුහුණ දෙන වත්මන් කොවීඩ් තත්වය හමුවේ රට සති දෙකකට වසන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටිද්දී රට විවෘතව තබා ගනිමින් ජනතාව කොවිඩ් මාරයාට බිලි දීමේ පූර්ණ වගකීම ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවත්, කොවිඩ් කාර්ය සාධක බලකායත් භාරගත යුතුව ඇතැයි ඒ මහතා ප්‍රකාශ කළේය.
අඩුපාඩු පෙන්වා දෙන්නේ මළමිනී මතින් බලයට එන්නට නොවවැරදි ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා බව කී විජයවර්ධන මහතා හඳ පෙන්නූ විට ඇඟිල්ල දෙස බලා උත්තර නොදී රටේ ජනතාව රැක ගැනීම වෙනුවෙන් බුද්ධිමත්ව කටයුතු කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද සඳහන් කළේය.