Friday, May 24, 2024
HomeLocalපකිස්ථානයෙන් ඉංදියාවට ආ"එප්සිලන්"ලංකාවටත් එයිද.

පකිස්ථානයෙන් ඉංදියාවට ආ”එප්සිලන්”ලංකාවටත් එයිද.

පාකිස්ථානයේ ලාහෝර් නුවර හමුවූ කොවිඩ් ආසාදිතයින් අතුරින් කොවිඩ් මර්දන එන්නත්වලට මෙල්ල කළ නොහැකි ඉහළ සම්ප්‍රේෂණයක් සහිත “එප්සිලන්” කොවිඩ් ප්‍රභේදය වාර්තා වී ඇත.මෙම ප්‍රභේදය හේතුවෙන් පකිස්ථානයේ සිව්වෙනි කොවිඩ් රැල්ලක් ඇතිවීමට එප්සිලන් කොවිඩ් ප්‍රභේදය මුලික වී ඇති බවට එරට සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර සිටියේය.

මෙම වෛරසය පළමු වරට අමෙරිකාවෙන් හඳුනා ගැනුණු අතර පසුව එය රටවල් 34ක් පුරා ව්‍යාප්ත වී ඇත.මිට පෙර හඳුනා ගැනුණු ප්‍රභේද කොවිඩ් මර්ධන එන්නත්වලට මර්ධනය කිරීමට හැකියාවක් තිබුනද මෙම නව ප්‍රභේදය එන්නත් වලින් මෙල්ල කිරීමට හැකියාවක් නොමැති බව මේ දක්වා විශේෂඥයින් සිදුකර ඇති පර්යේෂණ මගින් තහවුරු වී ඇත.

මෙම නවතම ‘එප්සිලන්’ ප්‍රභේදයට අන්තර්ගත විකෘති තුනක් ඇති බැව් මේ වන විට වෛද්‍ය පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත. මෙම විකෘති ජාන විපර්යාසයන් ලෙසද හැඳින්විය හැකි අතර, මේ මගින් පුද්ගලයන්ගේ රුධිර ප්ලස්මාවල (තරලයෙහි) ඇති ප්‍රතිදේහවල සඵලතාවය හීන කරන බැව් පර්යේෂණ මගින් සොයාගෙන තිබේ.

මෙවැනි තත්ත්වයක් තිබෙන විටදී ‘කොවිඩ්-19’ රෝගයට එරෙහිව සිදුකරනු ලබන එන්නත්කරණයේදී ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුවනු ඇතිය. එනම් එම එන්නත් වර්ගවලින් යම් පුද්ගලයකුගේ ශරීරය තුළ ප්‍රතිදේහ ගොඩනැඟුණද, ‘එප්සිලන්’ ප්‍රභේදයට එම ප්‍රතිදේහ අකර්මණ්‍ය කිරීමේ හැකියාවක් ඇත. අවසානයේදී ප්‍රතිදේහ ශක්තිමත් නොවී ‘එප්සිලන්’ ප්‍රභේදයේ විකෘතීන් ශක්තිමත්වන බව‍ විශේෂඥයින් සිදුකර ඇති පර්යේෂණ මගින් තහවුරු වී ඇත.

මෙම තත්වය තුළ පාකිස්ථානයේ ව්‍යාප්ත වෙමින් පවතින එප්සිලන් ප්‍රභේදය හේතුවෙන් ඉන්දියාව දැඩි අවදානම් තත්වයක් ඇති බව‍ එරට ජනමාධ්‍ය විසින් වාර්තා කර ඇත.ඉන්දියාවේ වසංගතයේ දෙවන රැල්ල උග්‍ර අතට පත්වීමටහැරීමට මුලික හේතුව වූ ඩෙල්ටා ප්‍රභේදයට මෙන්ම එප්සිලන් ප්‍රභේදයට ද සියයට 20කින් සම්ප්‍රේෂණය හැකි බවයි විශේෂඥයින්ගේ මතය වෙයි.
කෙසේ වෙතත්, ජූලි 6 වෙනිදා ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් එය ‘තවදුරටත් අධීක්ෂණය කළ යුතු අනතුරු ඇඟවීම්’ ප්‍රභේදයක් ලෙස නම් කරන ලදී

- Advertisment -

Most Popular

Recent Comments