ගතවූ පැය 24ක කාලය තුල දකුණු පළාතෙන් කොවිඩ් ආසාදිත රෝගීන් 1,268 දෙනෙකු හමුවි ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය ප්‍රකෂ කළේය.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වි ඇති ආසාදිත රෝගින් සංඛ්‍යාව 445ක් වන අතර මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිත රෝගින් 479 දෙනෙකු වාර්තා වි ඇති අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් රෝගින් 199 දෙනෙකු වාර්තා වි ඇත.
මින් 1,123 දෙනෙකු ප්‍රජාවෙන් වාර්තා වි ඇති අතර නිරෝධායන හා අතරමැදි වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් 22 නෙකු හා සෞඛ්‍ය ආයතන වලින් රෝගින් 123 දෙනෙකු වාර්තා වි ඇත.
මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වි ඇති සමස්ත කොවිඩ් ආසාදිත රෝගින් සංඛ්යාදව 33,386 දෙනෙකු බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය ප්‍රකෂ කළේය.