මේ දින වල පවතින වර්ජන රැල්ල ඉතාමත් අවදානම් මට්ටමින් රටේ කොරෝනා ව්‍යාප්තියට බලපෑම් කර ඇති පසුබිමක දුම්රිය ස්ථානාධිපතිවරු මේ වන විට ක්‍රියාත්මක කරන එක්දින වැඩවර්ජනය ජනතාව ගැන සිතා අද (13) මධ්‍යම රාත්‍රීයේ අනිවාර්යෙන්ම අවසන් කරන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසීය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මැදිහත්ව අද පෙරවරුවේ දුම්රිය කීපයක් ධාවනය කළ ද තම සංගමයට මේ දක්වා කිසිඳු සාකච්ඡාවක් හෝ විසඳුමක් ලබාදී නොමැති බව කී සුමේධ සෝමරත්න මහතා මෙම දැඩි අසීරු අවස්ථාවේදී වැඩවර්ජනය ඇඳගෙන යෑමේ කිසිඳු උවමනාවක් නොමැති බව සඳහන් කළේය.