පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැක කෙරෙන නිලධාරින් පස් දෙනෙකු පිළිබඳ ලබන සඳුදා තෙක් ඉදිරි පියවරක් නොගන්නා ලෙස අභියාචනාධිකරණය අද (21) ආණමඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට නියෝග කර ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පස් දෙනෙකු පිළිබඳ මෙම නියෝගය ලබා දී ඇති අතර, ආණමඩුව පොලීසියේ කොස්තාපල්වරයකු පැහැරගෙන යාම සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන්ට චෝදනා එල්ල වී තිබේ.
විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරු ව අභියාචනාධිකරණය මෙම නියෝග නිකුත් කර ඇත.