Tuesday, June 11, 2024
HomeLocalමාලිමා නායකයින්ට හර්ෂගෙන් කනේ පහරක්

මාලිමා නායකයින්ට හර්ෂගෙන් කනේ පහරක්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඉදිරියට මාලිමා ආණ්ඩුවක් යන බව ජාතික ජනබලවේග නායක අනුර දිසානායක මහතා මෑතකදී ස්වාධීන රූපවාහිනීයේ පැවැති වැඩසටහනකදී පැවසූවත් ජාතික ජන බලවේගයේ නායකයන් විසින් සිය ආර්ථික ප්‍රතිපත්තිය මෙතෙක් නිශ්චිත වශයෙන් එලි දක්වා නොමැති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ජන හමුවක් අමතමින් සදහන් කරයි.

නමුත් ටිල්වින් සිල්වා, ලාල් කාන්ත, සුනිල් හදුන්නෙත්ති, වසන්ත සමරසිංහ වැනි නායකයන් පවසන්නේ පරිදි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ගොඩනැගූ රටවල් නැති බවත් ඔවුන් සමග ගමනක් නැති බවත්ය. එබැවින් ඔවුන්ට නිසි ආර්ථික වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් නිශ්චිත පොදු අදහසක් නැති බව මන්ත‍්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

- Advertisment -

Most Popular

Recent Comments