Tuesday, June 11, 2024
HomeBusinessමෙම වසර තුළ සංචාරක කර්මාන්තයේ කැපී පෙනෙන වෙනසක්

මෙම වසර තුළ සංචාරක කර්මාන්තයේ කැපී පෙනෙන වෙනසක්

සංචාරක කර්මාන්තය හරහා ශ්‍රී ලංකාව 2024 මැයි මාසය තුළ දී ඩොලර් මිලියන 154 ආදායමක් ලබා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කර ඇති අතර මෙම වසරෙහි මුල් මාස 05 තුළ මුළු සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 1,405.6 ක් දක්වා වර්ධනය වී ඇත.
2023 මුල් මාස 05 දී ලබා ඇති ආදායම ඩොලර් 752.1 වන අතර එය මෙම වසර සමඟ සන්සන්ධනාත්මකව ගත් විට එය 86.9% වර්ධනයක් පෙන්නුම් කරයි.
2024 ජූනි මස 05 වන දින වන විට සංචාරකයින් 912,445ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර ඇත.

- Advertisment -

Most Popular

Recent Comments