අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක කරු ජයසූරිය මහතා අධිකරණය හමුවට කැඳවා අවවාද කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට මෝසමක් ඉදිරිපත් වෙයි.
ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණේ ලේකම් ආරියවංශ දිසානායක මහතා වෙනුවෙන් නීතිඥ මෝදිත ඒකනායක මහතා විසින් මෙම මෝසම ඉදිරිපත් කර ඇත.
එම මෝසම මගින් සඳහන් කර තිබෙන්නේ ජූනි මස 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සමක වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටි කරු ජයසූරිය මහතා වෙත අගවිනිසුරුවරයා කල නියෝගයක් අනුව ඊට අදාළ නොතීසි ගෙන ගොස් භාර දුන් බවයි.
එහෙත් එම නොතිසි භාරගැනීම කරු ජයසූරිය මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ද මෝසමෙන් සඳහන් වේ.
ඒ තුළින් කරු ජයසූරිය මහතා අධිකරණය අපහසුතාවයට ලක් කර ඇති බවත් ඒ හරහා ඔහු අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවයි මෝසමින් සඳහන් වෙන්නේ.
ඒ අනුව වගඋත්තරකාර කරු ජයසූරිය මහතා අධිකරණය හමුවට කැඳවා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් තරයේ අවවාද කරන ලෙසද එම මෝසමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.