Friday, May 24, 2024
HomeInternationalජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කළ පොලිස් නිලධාරියාට වසර 75ක සිර දඩුවමක්

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කළ පොලිස් නිලධාරියාට වසර 75ක සිර දඩුවමක්

ඇමරිකාව තුළ සුදු කළු ජාතීන්ගේ අර්බුදය දිනෙන් දින උත්සන්න මට්ටමට පත් වන ආකාරය පසුගිය වසර තුළ ඉතා විශාල වශයෙන් දැක ගන්නට ලැබුණි.ඒ සදහා බලපාන ලද හේතුව වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ සිදු වූ ආන්දෝලනාත්මක ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතන සිද්ධියයි.එම ඝාතන සිද්ධියට චූදිතයා වන පොලිස් නිලධාරී ඩෙරික් ඩාවින්ට එරෙහිව නගා ඇති චෝදනා 03ට වරදකරුවන් බවට පත්කරමින් එරට අධිකරණයක් විසින් ඔහුට වසර 75ක සිරදඬුවමක් නියම කර තිබේ.

මෙම ඝාතනය 2020 වසරේ මැයි මස 20 වෙනිදා සිදුවූ අතර එමගින් ලොවපුරා දැඩි විරෝධතා රැල්ලක් ඇති විය.ජුරි සභාවක් ඉදිරියේදී විභාගයට ගැනුණු මෙම නඩු විභාගයේ අවසන් තීන්දුවට එළඹීමට එම සභාවට පැය 10ක කාලයක් ගතව තිබේ.තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිශ්චකරු පීටර් චායිල් ජුරි සභාවට විශේෂ ස්තුතියක් පුදකර තිබේ.

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී චුදිත ඩෙරික් ඩාවින්ට අධිකරණය තුල හැඟීම් විරහිතව සිටින අයුරු දක්නට ලැබුණ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේය.

මේ අතර ජෝර්ජ් ෆොලෝයිඩ් ගේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමග අධිකරණයෙන් පිටත රැස්ව සිටි ජනතාව හඬ නගමින් සිය සතුට ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

- Advertisment -

Most Popular

Recent Comments