Friday, May 24, 2024
HomeLocalපුෂ්පිකාගේ ඔටුන්න ගැලවූ කැරොලයින් ජූරි ගේ ඔටුන්නත් ගැලවේ

පුෂ්පිකාගේ ඔටුන්න ගැලවූ කැරොලයින් ජූරි ගේ ඔටුන්නත් ගැලවේ

පසුගිය සතියේ රටම උණුසුම් කළ විවාහක රූ රැජින තරගාවලිය අද වන විට කිරුළු අහිමිවන මට්ටමක් දක්වා ඉදිරියට පැමිණ ඇති බව වාර්තා වේ.ඒ අනුව 2020 වසරේ ලෝක විවාහක රූ රැජින ලෙස කිරුළ දැරෑ කැරොලයින් ජූරි ගේ ඉල්ලා අස්වීම පිළිගත් ලෝක විවාහක රූ රැජින සංවිධායක මණ්ඩලය එම කිරුළ එම වසරේ පැවති තරගාවලියේ දෙවන ස්ථානය දිනා ගත් කේට් ෂින්ඩර් වෙත ප්‍රදානය කර ඇත.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ලෝක විවාහක රූ රැජින තරගයේ සංවිධායක මණ්ඩලය කියා සිටින්නේ තම සංවිධානය කැරොලයින් ජූරි 2020 වසරේ ලෝක විවාහක රූ රැජින කිරැලෙන් ඉවත් වීමට ස්වේච්ඡාවෙන්ම ගත් තීරණය තම සංවිධානය පිලි ගන්නා බවත් , එම කිරුළ අයර්ලන්ත විවාහක රූ රැජින වෙත ප්‍රදානය කරන බවය.

එසේම කැරොලයින් ජූරි මහත්මියට සිය පවුලේ අය සමග සාමකාමී ජීවිතයක් ගත කිරීමටද ලෝක විවාහක රූ රැජින සංවිධායක මණ්ඩලය සිය සුබ පැතුම් එක් කර ඇත.

ඉකුත් අප්‍රේල් 4 වැනිදා කොළඹදී පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ ඇති වූ සිද්ධියක් මත 2020 වසරේ ලෝක විවාහක රූ රැජින ලෙස කිරුළු පැලදී කැරොලයින් ජූරි මහත්මිය සිය ධූරයෙන් ඉවත් වන බව ඉකුත් දා නිවේදනය කළාය.

- Advertisment -

Most Popular

Recent Comments