Friday, May 24, 2024
HomeLocalඅධිවේගී මාර්ගයේ පිස්සු නැටූ නුවර තරුණයින් පස්දෙනාට ඇප හිමිවේ

අධිවේගී මාර්ගයේ පිස්සු නැටූ නුවර තරුණයින් පස්දෙනාට ඇප හිමිවේ

පසුගිය දින වලදී සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙන් කතා බහට ලක්වූ අධිවේගී මාර්ගයේ නොමනා හැසිරීම සම්භන්ද පුවත සදහා මේ වන විට නීතිමය කටයුතු සිදු වෙමින් තිබේ.ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෝටර් රථයක දොර කවුළු මත නැගී අපරික්ෂාකාරි අන්දමින් ගමන් ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී රිමාන්ඩ් ගතව සිටි සැකකරුවන් පස් දෙනා එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (22 ) නියම කළේය .

දින දහයක් පමණ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සිය සේවාදායකයින්ට එරෙහිව චෝදනා ගොනු කිරීමෙන් අනතුරුව වරද පිළිගැනීමට ඔවුන් සූදානමින් සිටින බවත්, සිද්ධිය සම්බන්ධයෙන් කණගාටු වන බැවින් ඇප පනතේ 14 වගන්තිය ප්‍රකාරව ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබා දෙන්නැයි විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිල නාවලගේ සහ නීතිඥ රජිව් පී විතාන යන මහත්වරුන් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන මහෙස්ත්‍රාත්වරයා ඇප නියම කළේය .

මහනුවර ,උඩතලවින්න සහ අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් පස් දෙනකු මෙසේ ඇප මත මුදාහැරිණි.මොවුන් ගාල්ල ප්‍රදේශයේ විනෝද චාරිකාවක් සදහා යමින් සිටියදී මෙලෙස විනය විරෝධී ආකාරයෙන් ගමන් කර ඇති බවට වෙනත් වාහනයක කැමරාවක පටිගත වී ඇති දර්ශන අන්තර් ජාලයට මුදාහැර තිබූ බවට අධිකරණයේ දී කරුණු අනාවරණය විය.

- Advertisment -

Most Popular

Recent Comments