Friday, May 24, 2024
HomeLocalවයෝවෘද්ධ පියාට පහරදුන් දියණිය හා මිණිබිරියට අධිකරණයෙන් ඇප හිමිවේ

වයෝවෘද්ධ පියාට පහරදුන් දියණිය හා මිණිබිරියට අධිකරණයෙන් ඇප හිමිවේ

අද වන විට සමාජය පිරිහෙමින් පවතින ස්වභාවය කොතරම්ද යන්න ඉතාමත් කණගාටුදායක තත්වයකි.ඒ බව සනාථ කරමින් පසුගිය දිනක කාන්තාවක් සහ ඇගේ දියණිය, වයෝවෘද්ධ තම පියාට පහර දෙන වීඩියෝවක් සමාජය මාධ්‍ය ඔස්සේද හුවමාරු විය.පහර කෑ පියා පසුව ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහුට සිය දියණිය හා මිණිබිරිය එලෙස පහරදී තිබුණේ සිය නිවස ඉදිරිපිටදීය.මෙම වයෝවෘද්ධ පියා, ඔහුගේ දියණිය සහ මිනිබිරිය එකම නිවසේ වෙන් වෙන්ව දිවිගෙවන බව පොලීසිය සදහන් කර සිටී.

නාරාහේන්පිට දාබරේ මාවතේදී එලෙස සිය පියාට පහරදීමේ චෝදනා මත අදාළ කාන්තාව හා දියණිය අත්අඩංගුවට ගැනුනු අතර එම කාන්තාවට සහ ඇයගේ දියණියට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 02 ක් මත මුදාහැර තිබේ. ඒ, ඔවුන් අලූත්කඩේ අංක 3 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පියා සමග ඇති වු ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදු කළ බව අත්අඩංගුවට ගැනුනු කාන්තාව සහ ඇගේ දියණිය පොලිස් ප්‍රශ්න කිරීම්වලදී සඳහන් කර තිබේ.

- Advertisment -

Most Popular

Recent Comments