Friday, May 24, 2024
HomeLocalඋසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සතිය ඇතුළත නිකුත් කිරීමට සූදානම් - විභාග...

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සතිය ඇතුළත නිකුත් කිරීමට සූදානම් – විභාග කොමසාරිස් ජනරාල්

2020 වසර හා 2021 වසර මේ වන විටත් කොරෝනා වසංගතය නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයට විශාල වශයෙන් බලපෑම් එල්ල වී ඇති බව නොරහසකි.එවැනි තත්වයක් මත වුවද පසුගිය අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (A/L Exam) විභාගයේ ප්‍රතිඵල ලබන සතිය ඇතුළත නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, විභාග ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බවය.මේ අතර පසුගිය මාර්තු මාසයේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවැනි අදියර ලබන 27 වැනි දා ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ලබන මස 06 වැනි දා දක්වා මධ්‍යස්ථාන 23 කදී ඇගයීම් කටයුතු ක්‍රියාත්මකය.පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා සහභාගි වන ගුරුවරුන් සංඛ්‍යාව 4620 කි.

සාමාන්‍ය පෙළ විභාගය පසුගිය මාර්තු 01වැනිදා සිට 11 වැනි දා දක්වා පැවැත් විය.

- Advertisment -

Most Popular

Recent Comments