Friday, May 24, 2024
HomeLocalගෑස් සිලින්ඩරයේ ප්‍රශ්නයට ඇමති ලසන්තගෙන් විසදුමක්

ගෑස් සිලින්ඩරයේ ප්‍රශ්නයට ඇමති ලසන්තගෙන් විසදුමක්

ගෑස් සිලින්ඩරය ප්‍රමාණයෙන් අඩු කර නව මිලක් යටතේ වෙළෙඳපොළට හඳුන්වාදීම සම්භන්දව පසුගිය දින වල සමාජ මාධ්‍ය හරහා විශාල විරෝධයක් නිර්මාණය විය.ඒ අනුව ලිට්‍රෝ ගෑස් සමාගම හඳුන්වාදීමක් ලෙස දෙමුහුන් (හයිබි‍්‍රඞ්) ගෘහස්ථ ගෑස් සිලින්ඩරය වෙළෙඳපොලට ඉදිරිපත් කරන්නේ නම් සිලින්ඩරය වෙනත් වර්ණයකින් ඉදිරිපත් කළ යුතු යැයි සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කර සිටී..

නව ගෑස් සිලින්ඩරයේ ගෑස් ප‍්‍රමාණය සහ මිල සටහන් කිරීම අනිවාර්ය බවත් එම සිලින්ඩරය වෙළෙදපොලේ තිබෙන සෙසු ගෑස් සිලින්ඩර්වලින් වෙන්කර හදුනාගැනීමට හැකිවිය යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

නව හදුන්වාදීමක් වෙළෙදපොලට ඉදිරිපත්කිරීම අමාත්‍යංශයට වැලැක්විය නොහැකි බවත් එසේ වුවද පාරිභෝගිකායා රැවටීමකට ලක්කිරීම වැලැක්විය හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කරන ලදී.

- Advertisment -

Most Popular

Recent Comments