Friday, May 24, 2024
HomeLocalතවත් ග්‍රාම නිළධාරී වසම් කිහිපයක් වහාම හුදෙකළා කරයි

තවත් ග්‍රාම නිළධාරී වසම් කිහිපයක් වහාම හුදෙකළා කරයි

මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගත තත්වය මත කිසි ලෙසකින් හෝ රට සම්පුරණයෙන් වසා දැමීමේ සූදානමක් නොමැති බව පවසන යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා තවත් ප්‍රදේශ හයක ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා කළ බව නිවේදනය කර සිටී.
ඒ අනුව හුදකලා කළ ප්‍රදේශ හයේ ග්‍රාම නිලධාරි වසම් මෙසේය.

  • නුවර එළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත පොලිස් බලප්‍රදේශයේ “රත්මැටිය යන ග්‍රාම නිලධාරි වසම”
  • කළුතර දිස්ත්‍රික්කයේ පානදුර දකුණ පොලිස් බලප්‍රදේශයේ “(පිංවත්ත ග්‍රාම නිලධාරි වසම, නාරම්පිටිය, ග්‍රාම නිලධාරි වසම, පිංවත්ත බටහිර යන ග්‍රාම නිලධාරි වසම)”
  • බණ්ඩාරගම පොලිස් බලප්‍රදේශයේ “බණ්ඩාරගම නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම”
  • කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක පොලිස් බලප්‍රදේශයේ “උග්ගල්ල ග්‍රාම නිලධාරි වසම”
  • මඩකලපුව, මන්මුනෙයි උතුර පොලිස් බලප්‍රදේශයේ “තිස්සවීරසිංගම් චතුරස්‍රය ග්‍රාම නිලධාරී වසම”
  • වත්තල පොලිස් බලප්‍රදේශයේ “අල්විස් වත්ත ග්‍රාම නිලධාරි වසම”

යන ග්‍රාම නිළධාරී වසම් ඒ අනුව මේ මොහොතේ සිට හුදෙකලා කර තිබේ.

- Advertisment -

Most Popular

Recent Comments