Friday, May 24, 2024
HomeLocalගම්පහ නගරයේ කොරෝනා අවධානම තව දුරටත් ඉහළට - සුපිරි වෙළෙඳසැලක 10කට කොරෝනා

ගම්පහ නගරයේ කොරෝනා අවධානම තව දුරටත් ඉහළට – සුපිරි වෙළෙඳසැලක 10කට කොරෝනා

මේ වන විට දිවයිනේ විවිද ප්‍රදේශ වලින් කොරෝනා ආසාධිතයින් විශාල වශයෙන් වාර්තා වන්නට පටන් ගැනීමත් සමග මේ වන විට එහි විශාල බලපෑමක් ගම්පහ නගරයට ඇතිවී තිබේ.

ඒ අනුව ගම්පහ දුම්රියපොළ ආසන්නයේ පිහිටි සුපිරි වෙළෙඳසලක සේවක සේවිකාවන් 10 දෙනකුට හා ගම්පහ නගරයේ සංනිවේදන මධ්‍යස්ථානයක සේවකයන් 9 දෙනකුට කෝවිඩ් – 19 ආසාදිත වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ගම්පහ නගර සභා ක්‍රීඩාංගනයේ සිදු කළ පී.සී.ආර්. සහ ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණවලින් මෙම පිරිස හඳුනාගෙන ඇත.මෙම සේවකයන්ගේ ආශ්‍රිතයන් නිවෙස්වලම නිරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය අංශ වැඩි දුරටත් සදහන් කර සිටී.

- Advertisment -

Most Popular

Recent Comments