Friday, May 24, 2024
HomeLocalඅගමැතිගේ පක්ෂ නායක හමුව විමල්,වාසු,ගම්මන්පිල මෙවරත් වර්ජනය කරයි

අගමැතිගේ පක්ෂ නායක හමුව විමල්,වාසු,ගම්මන්පිල මෙවරත් වර්ජනය කරයි

මේ දින වල දේශපාලන කරලිය තුළ යම් යම් නොසන්සුන්තාවයන් කිහිපයක් නිර්මාණය වී ඇති බව පෙනෙන්නට තිබේ.ඒ නිසාවෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ පස්වරුවේ පැවැති හවුල්කාර පක්ෂවල නායකයින්ගේ හමුවට පක්ෂ කිහිපයක නායකයින් කිහිප දෙනෙකු මෙවර ද සහභාගී වී නොමැති බව වාර්තා වේ.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර ,පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ ,
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක නායකයින් මෙම රැස්වීමට සහභාගී නොවූ බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන ලදී.

පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබූණි. ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩි පිරිසකට ආරාධනා කර තිබූ නිසා එම පක්ෂවල නායකයින් ඊට සහභාගී නොවූ බව වාර්තා වේ.

පක්ෂ නායකයන් ඊයේ පස්වරු 5 ට පමණ අරලියගහ මන්දිරයට ගොස්, රැස්වීමට සහභාගි නොවන බව අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී තිබේ. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සඳහන් කළේ තමා ඇතුළු පිරිස අගමැතිවරයා හමුවි පක්ෂ නායක රැස්වීමට සහභාගී නොවන බව දැනුම් දුන් බවයි.

ඒ අනුව ඉදිරි පක්ෂ නායක රැස්වීම්වලදී පක්ෂ නායකයින් පමණක් සහභාගී කර ගන්නා ලෙස මෙහිදී ඉල්ලීමක් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි වීරසුමන වීරසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

- Advertisment -

Most Popular

Recent Comments