Friday, May 24, 2024
HomeLocalඋසස් පෙළ විභාගයේ ප්‍රථම ස්ථාන කිහිපයක් පිට පළාත් වලට හිමිවේ

උසස් පෙළ විභාගයේ ප්‍රථම ස්ථාන කිහිපයක් පිට පළාත් වලට හිමිවේ

පසුගිය වසරේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රථිපල ඊයේ(04) නිකුත් විය.ඒ අනුව 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව කොළඹින් බැහැර ප්‍රදේශවල සිසුන් වැඩි දක්‍ෂතා දැක්වීමට සමත් වී තිබේ. එම ප්‍රතිඵල අනුව ගණිත අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගෙන ඇත්තේ යාපනය චාවකච්චේරිය හින්දු විද්‍යාලයේ ධනරාජ් සුන්දර්බවන් සිසුවායි. ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විදුහලේ ප්‍රවීන් විජේසිංහ සිසුවා හිමිකර ගෙන තිබේ.

වාණිජ අංශයේ ප්‍රථම ස්ථානය ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ අමන්දි මදනායක හිමිකර ගෙන තිබෙන අතර කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගෙන ඇත්තේ දෙහිවල ප්‍රෙස්බිටේරියන් කාන්තා විදුහලේ චමල්කා සෙව්මිණී ශිෂ්‍යාවයි. ජෛව තාක්‍ෂණ අංශයේ ප්‍රථම ස්ථානයේ හොරණ තක්‍ෂිලා මහා විද්‍යාලයේ සුසික සඳසර හිමිකර ගෙන ඇති අතර ඉංජිනේරු තාක්‍ෂණ අංශයේ ප්‍රථම ස්ථානය එම විද්‍යාලයේම අවිශ්ක චානුක සිසුවා හිමිකර ගෙන තිබේ.

- Advertisment -

Most Popular

Recent Comments